මධ්‍යම කාරක සභාවේ තීන්දු පැහැර හරින්න ජනපතිට බැහැ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

මධ්‍යම කාරක සභාවේ තීන්දු පැහැර හරින්න ජනපතිට බැහැ (VIDEO)

මධ්‍යම කාරක සභාවේ තීන්දු පැහැර හරින්න ජනපතිට බැහැ (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණයටත්  මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්විය යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළ හොත් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට එය පැහැර හැරිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ (16) ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේදී පැවසීය. 

මධ්‍යම කාරක සභාව හැර වෙනත් පුද්ගලයන් පවසන ආකාරයට වැඩ කිරීමට ජනාධිපතිවරයා බැඳී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එජාපයේ ඇතැමුන්ට මෙන්ම ශ්‍රීලනිපයේ ඇතැම් කණ්ඩායම් වලටද අවශ්‍ය වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමට බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට ශ්‍රීලනිපය අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය හේතුවෙන් බව පැවසූ ඩිලාන් පෙරේරා මහතා එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි පක්ෂයේ තීරණ නොගන්නා බව වැඩිදුරටත් අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad