මහින්ද සිංගප්පුරු ගියේ සල්ලි මාරුවකටැයි කතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

මහින්ද සිංගප්පුරු ගියේ සල්ලි මාරුවකටැයි කතා


මහින්ද සිංගප්පුරු ගියේ
සල්ලි මාරුවකටැයි කතා


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ වනවිට ගත කරන්නේ සිංගප්පූරුවේය.ඔහු එක්වරම පසුගිය අඟහරුවාදා සිංගප්පූරුවට ගිය කාරණාව දේශපාලන ලෝකයෙන් සඟවා තිබිණි. මුලින් වාර්තාවූයේ ඔහු එරටට ගියේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවක් මත බවයි. නමුත් මේ වනවිට එයට වෙනස් කරුණක්
නිසා මහින්ද එහි ගිය බවට

කතාවක් පැතිර තිබේ.
ඒ වූ කලි මුදල් සම්බන්ධ කරුණකි.

මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් සිංගප්පූරු බැංකු ගිණුමකින් මුදල් ලබාගැනීමට අවශ්‍යතාවක් මතුවී එහි ගිය බවට ආරංචි පැතිර පවතී. එම ගිණුම රෝහිතගේ අභ්‍යවකාශ ව්‍යාපෘතියට අදාළ අරමුදල් රැස් කළ ඒකක් බවටත් තොරතුරු පළවේ.

විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ද මේ දිනවල සිංගප්පූරුවේ සිටින බවත් එහිදී මහින්ද රාජපක්ෂ මහතා හමුව ඇති බවටත් ආරංචි පවතී.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් පවා මහින්ද එක්වරම රටින් පිටයාම දැනගෙන ඇත්තේ අවසන් මොහොතේය. සෑම අඟහරුවාදාම විජේරාම නිල නිවසේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ නායක හමුව  මෙවර සඳුදාට මාරු කර තිබුණ අතර එය අවසානය කිට්ටුව රාජපක්ෂ මහතා පක්ෂ නායකයින්ට තමා හෙට රට යන බව දැනුම්දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad