වගකීම් ඉටුකරන්න බැරි නිලධාරීන් ඉල්ලා අස්වෙන්න - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

වගකීම් ඉටුකරන්න බැරි නිලධාරීන් ඉල්ලා අස්වෙන්න - ජනපති

වගකීම් ඉටුකරන්න බැරි නිලධාරීන් ඉල්ලා අස්වෙන්න - ජනපති

ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් ඒ සඳහා නිලධාරීන් වහාම පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

නියං තත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ලවූ බලපෑම සම්බන්ධයෙන් පෙරේදා (16) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදි සිය වගකීම් නිසි ලෙස ඉටු කළ නොහැකි නිලධාරීන් එම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති සෑම ගොවි පවුලක් සඳහා ම මසකට රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඉදිරියේදී ඇතිවේයැයි සැළකෙන විදුලි අර්බුදයට විකල්ප ලෙස පල්ලෙකැලේ, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල ආදී ප‍්‍රදේශවල හදිසි විදුලි උත්පාදන යන්ත‍්‍ර පිහිටුවීමටත් අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිහරණය කරන ලෙස ජනමාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ජනතාව දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad