ඇගේ නම මල්කි නතාෂා. වෘත්තියෙන් ඇය රංගන ශිල්පිණියක්. කෝපි කඩේ, මොනර කිරිල්ලී, මේඝා ආදී ටෙලි සිතුවම් ඔස්සේ විවිධ චරිත මැවූ මල්කි ඇතැම් නව පරපුරේ නිළියන් වගේ නිතර දෙවේලේ දකින කෙනෙකු නෙවෙයි. මල්කි තෝරා බේරාගෙන රංගන කටයුතුවල නියැලෙන්නියකි.
එහෙම නේද මල්කි?
ඔව් අනේ. මම එහෙම මට ආරාධනා ලැඛෙන හැම නිර්මාණයකටම යන්නෙ නැහැ. ඒ මගේ හැටි.
මේ දිනවල මොනවද ඔබගේ කලා කටයුතු?
බර්මින් ලයිලි ප්‍රනාන්දු මහත්මයාගේ නවතම සිනමාපටය වූ අග පිපි මල්හි උප ප්‍රධාන චරිතයක් මට ලැබුණා. එහි රූපගත කිරීම්වල තමයි පහුගිය කාලේ හිටියේ. කොළඹ නෙවෙයි දර්ශන තල තිබුණේ. බදුල්ල පැත්තේ. හරිම ලස්සනට එහි රූපගත කිරීම් සිදු කළා. මේ වෙලාවේ මට ඒ සඳහා ඇරැයුම් කළ රංජිත් ජයසේකර මහත්මයාවත් මතක් කළ යුතුමයි.
අග පිපි මල් හි රඟපාන්න ගිහින් වුණු අමතකම නොවන සිදුවීම ගැනයි මා ඊළඟට ඔඛෙන් අහන්නේ?
බදුල්ල පැත්ත හරිම සීතලයිනෙ. සමහර දවස්වලට කට කට ගාලා ගැහෙනවා. දෙබස් කියා ගන්නත් බැහැ. මං ඔය ඔච්චර සීතල පළාතක රූගත කිරීමකට සහභාගි වුණාමයි. ඒ නිසා මට ඒ දර්ශන තලයේ ගත කළ සෑම මිනිත්තුවක්ම හොඳට මතකයි.
ඔබ වෘත්තීය රංගන ශිල්පි‚යක් නේද?
ඔව්.
එහෙව් තත්ත්වයක් මත පුළුවන් ද තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන්න?
මුදල මත මං මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. මං ආසයි මට දෙයක් කරන්න පුළුවන් චරිත විතරක් බාරගන්න. දෙබස් කියලා ගෙදර එන චරිතවලට මං අකැමැතියි. කොච්චර මුදල් දෙනවා කීවත් මං ඒවට නම් යන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මට රඟපාලා ලැඛෙන මුදල් නම් හොඳටම මදි. නමුත් කළමනාකරණය තුළින් මං මගේ ජීවිතය ගෙනියනවා.
මල්කි කොහොමද රංගනයට පිවිසෙන්නේ?
මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මෝස්තර නිරූපිකාවක විදිහට. එහෙම කාලයක් මං කටයුතු කළා. කෙදිනකවත් හිතුණේ නැහැ රංගනයට පිවිසෙන්න. නමුත් අහම්ඛෙන් අවස්ථාවන් ලැබුණා. බාඳුරා දේශය තමයි මගේ පළමු ටෙලි සිතුවම. එයින් ලැබුණු පන්නරය මත මට හැකියාව ලැබුණා දිගින් දිගටම රංගනයේ යෙදෙන්න.
ඔබව වඩාත් ජනප්‍රිය කළ චරිතය මොකක්ද?
චරිත දෙකක් තියෙනවා. එකක් තමයි කෝපි කඩේ විනීතා. අනික මොනර කිරිල්ලි නාට්‍යයේ හිමාෂි. ඒ චරිත දෙකම මිනිසුන් අතරට ගියා.
නිළියක විදිහට දිගින් දිගටම කටයුතු කරන්නද හිතාගෙන ඉන්නේ?
ඔව්. දැන් මං මෝස්තර නිරූපණයේ යෙදෙන්නේ නැහැ. රංගන කටයුතවල පමණයි නියැලෙන්නේ. ඒකට මං කැමැතියි.
රංගනයේ යෙදෙනවා නම් ඒ ගැන අධ්‍යනය කළ යුතුයි නේද?
අනිවාර්යයෙන්ම. නමුත් මම නම් කරන්නේ ස්වයං අධ්‍යනයක් පමණයි. විදෙස් චිත්‍රපට නරඹලා ඒවායින් ඉගෙන ගන්නවා. ඒ වගේම රංගනය ගැන පොතපත කියවනවා. ප්‍රවීණයින් එක්ක වැඩ කරද්දී ඒ ලැඛෙන අත්දැකීම් ද හරිම වැදගත්. කිසිම රංගන පාසලකින් ඒවා නම් ඉගෙන ගන්න බැහැ.
ඔබ වරෙක පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුණා ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අධ්‍යක්ෂවරුන්ගෙන් හරිම කරදරයි කියලා?
අනේ ඔව්. ඒක නම් එහෙම තමයි. බහුතරයක් හොඳ උදවිය. නමුත් ඒ අතර ඇතැම් අධ්‍යක්ෂවරු ඉන්නවා ඒ අය අධ්‍යක්ෂවරු ද කියලා හිතෙන. නිර්ාණයක් ගැන කතා කරන්න එන්න කියන්නේ ගෙස්ට් හවුස්වලට. ලැජ්ජයි. ඉතින් එහෙම කතා කරපු එක් අධ්‍යක්ෂවරයකුට මගේ වයසේ මිනිපිරියො ඉන්නවා. දුකේ බැහැ ඒවා මතක් වෙද්දී. නමුත් අපි දැනගන්න ඕනෑ ඒ ඒ අයට ඒ ඒ විදිහට ෆෙස් කරලා ලිස්සලා යන්න. මම නම් එහෙම තමයි කරන්නේ.
මල්කිගේ පවුලේ විස්තර සඳහන් කළොත්?
මට කවුරත් නැහැ. මම විතරයි ඉන්නේ.
ඔබේ ගෙවල් කොහේද?
නුවරඑළිය. වර්තමාන පදිංචිය නුගේගොඩ.
මල්කි තවම තනිකඩයි?
ඒකටත් ඔව් කියලා තමයි කියන්න තියෙන්නේ.
මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?
අග පිපි මල් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා. තවත් ටෙලි නිර්මාණ දෙකකින් ආරාධනා ලැබුණා. ඒවාහි පිටපත කියවන ගමන් ඉන්නේ.
සටහන - ප්‍රසාද් සමරතුංග
Friday, February 17, 2017
එන්න කියන්නෙ ගෙස්ට් හවුස්වලට අධ්‍යක්ෂවරුන්ගේ කැරැට්ටුව හෙළි කරන සුරුපිණිය
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment