සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

අද (17) පස්වරුවේ රැස්වුණු වෛද්‍ය සභාවේ සාමාජිකයින් විසින් ඉදිරි දින 42 තුළ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලද්දේ ඉකුත් ජනවාරි 31 වැනිදායි.

සයිටම් ආයතනයෙන් උපාධියක් ලබාගත් තමන් වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරමින් එම ආයතනයේ සිසුවියක විසින් ගොනුකරනු ලැබූ පෙත්සමකට අදාළව  අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad