ගෝඨාගෙන් FCIDය ප්‍රශ්න කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

ගෝඨාගෙන් FCIDය ප්‍රශ්න කරයි

ගෝඨාගෙන් FCIDය ප්‍රශ්න කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.

අනුරාධපුර සඳ හිරු සෑයේ ඉදිකිරීම්වලදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි ගොස් ඇති අතර පෙරවරු 9.30 සිට රාජපක්ෂ මහතා එහි රැඳී සිටී.

චෛත්‍යය ඉදිකිරීම් සහ එහි තැන්පත් කිරීම් සම්බන්ධව සොයා බැලීමට පත් කළ මහානායක හිමිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ විසින් රන්මුවා බුදු පිළිම වහන්සේ නමක්‌ සහ රනින් නිමවන ලද බෝ ගසක්‌ ද ධාතූන් වහන්සේලාට අමතරව එහි නිධන් කළ යුතු බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට උපදෙස්‌ දී තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත එම රන්මුවා බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදී ඇත.

නාවික හමුදාව විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත කළ ලිඛිත ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කළ රන් සංචිත මගින් ඊට අවශ්‍ය රන් ලබා ගෙන තිබේ.

මෙසේ රේගුවෙන් රන් ලබා ගැනීම පිළිබඳව ප්‍රකාශයක්‌ ලබා ගැනීමට අද දින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad