යහපාලනය ගැන පොතක් එළිදැක්වීමකට ලක්ෂ 50 ක් වැයකරලා - ඇමතිගෙන් පරීක්ෂණයක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

යහපාලනය ගැන පොතක් එළිදැක්වීමකට ලක්ෂ 50 ක් වැයකරලා - ඇමතිගෙන් පරීක්ෂණයක්?

යහපාලනය ගැන පොතක් එළිදැක්වීමකට ලක්ෂ 50 ක් වැයකරලා - ඇමතිගෙන් පරීක්ෂණයක්?

'යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ' මැයෙන් රචනා කර ප්‍රකාශයට පත්කළ කෘතිය එළිදැක්වීමේ උළෙලට සැලසිනේ ආයතනය රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යංශ බලධාරින්ට නියෝග කර ඇතැයි වාර්තා වේ.

යහපාලනයේ වැදගත්කම ලෝකයාට කියා දිම සඳහා බෞද්ධ දර්ශනය තුලින් යහපාලන සංකල්ප පිළිබඳ කෘතියක් රචනා කරන්නැයි ජනාධිපතිවරයා කළ ආරාධනාවකට අනුව මෙම කෘතිය රචනා කරනු ලැබුවේ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි සහ එම විශ්ව විද්‍යාලයේම ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ප්‍රංශුවා චෙනේ මහතා විසිනි.  

එම උළෙල පසුගිය මස 16 වැනිදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. බිල්පත සැලසිනේ ආයතනය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයට යොමුකරනු ලැබ ඇති අතර පොතක් එළිදැක්වීමේ උළෙලකට එතරම් විශාල මුදලක් වැය වූයේ කෙසේදැයි එහිදී ඇමැතිවරයා විමසා ඇතැයි රජයේ විශ්වසනීය ආරංචි මාර්ග පවසයි. 

 

No comments:

Post a Comment

Post Bottom Ad