හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ කරගැනීම සඳහා වූ සාකච්ජා ඵලදායී ලෙස අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ.
දිනෙන් දින කළකිරීමට පත්වන එජාප බිම් මට්ටමේ සාමාජිකයින් සනසවමින් “දුක්ගන්නා රාළ” කෙනෙකුගේ රාජකාරිය ඉටුකිරීම සඳහා වූ තනතුරකට ඒ මහතාව පත් කිරීම සඳහා මේ දිනවල සාකච්ජා සිදුවෙමින් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර තිබේ.
එජාපය විපක්ෂයේ සිටි දීර්ඝ කාලසීමාවේදී තිස්ස අත්තනායක මහතා විසින් පක්ෂය බිම් මට්ටමේ සංවිධානය කිරීමට කල කැපකිරීම් පිළිබඳව සළකා ඔහුව නැවතත් පක්ෂය හා සම්බන්ධ කරගත යුතු බවට පක්ෂයේ ජේයේෂ්ඨ සාමාජිකයින් රැසක් නායකත්වයෙන් ඉල්ලා තිබේ. පක්ෂය හැරදා මහින්ද රාජපක්ෂ සමඟ සම්බන්ධ වුවද මේ වන විට රාජපක්ෂලා තිස්ස අත්තනායකව නොසලකා හැර ඇති බැවින් ඔහු දැඩි කළකිරීමට පත්ව ඇති බවද වාර්තා වේ.
දෙපාර්ශවයේම එකඟත්වය මත තිස්ස අත්තනායක මහතා එජාපයට සම්බන්ධ කරගැනීම සඳා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට ඔහු එජාප මහලේකම්වරයා වශයෙන් සිටියදී එජාප යොවුන් පෙරමුණේ මහලේකම් ධූරය දැරූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉන්දික බණ්ඩාර මහතාට පවරා ඇති අතර අග්‍රාමාත්‍යවරයා සිය ඔස්ට්‍රේලියානු සංචාරය අවසන් කර ලංකාවට පැමිණි විගස ඒ පිළිබඳව තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
Monday, February 13, 2017
තිස්ස අත්තනායක නැවතත් යූඇන්පීයට! (Exclusive)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment