බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ


බිත්තර රකින්නාසේ ඇමෙරිකාවට වී සිටින බැසිල් රාජපක්ෂට හැකිනම් මසක් ඇතුළත ලංකාවට පැමිණ පෙන්වන ලෙස තමා අභියෝග කරන බවත් ඇමෙරිකන් පුරවැසිභාවය නැති වෙන නිසා දින ගණන සම්පූර්ණ වනතුරු ඔහු නොපැමිණෙන බවත් ශ්‍රී ලනිප මීරිගම ආසන සංවිධායක සංජය සිරිවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළකළේ ගම්පහ මිරිස්වත්ත පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

ජී.එල්. හැදුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඇමෙරිකාවේ ඉඳලා ආවත් බැසිල් අද රටෙත් නෑ. රටට ආදරේ නම් ඉන්න එපැ. මේ බොරුවක් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතා කියනවා නිදහස් පක්ෂය පරදවා ඒකාබද්ධ විපක්ෂය දිනවනවා කියලා. අපි කනගාටු වෙනවා හිටපු නායකයෙක් පක්ෂය කඩන්න හදන එකට. මහින්ද මහතා දැන් උදයට, වාසුට, විමල්ට, දිනේෂ්ට අහුවෙලා ඉන්නේ.

ගම්පහ - දොන් විතානආරච්චි

No comments:

Post a Comment

Post Bottom Ad