රතන හිමි ගැන තීරණයක් ගැනීමට හෙළ උරුමයෙන් කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

රතන හිමි ගැන තීරණයක් ගැනීමට හෙළ උරුමයෙන් කමිටුවක්

රතන හිමි ගැන තීරණයක් ගැනීමට හෙළ උරුමයෙන් කමිටුවක්

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ඊයේ (17) රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරති. නීතීඥ සී එම් ජයරත්න සහ නීතීඥ ඩියුඩර් වීරසිංහ මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. 

No comments:

Post a Comment

Post Bottom Ad