අතවරයට පත් කාන්තාව හල්මිල්ලෑව ගනේගොඩ ප්‍රදේශයේ නිවෙසක පැවැති පූජාවකදී මේ කපුවා හමුවී තමන්ට දරුපල අහිමි ගැටලුව ගැන පැවැසීමෙන් අනතුරුව ඇගේ සිරුරට අරක්ගෙන ඇති කළුකුමාර දිෂ්ටිය ඉවත් කිරීමෙන් දරුපල ලබාදිය හැකි බව පවසා ඇත. ඒ අනුව පසුගියදා (13දා) සවස නාගොල්ලාගොඩ තම දේවාලයට දිය නා පිරිසුදු වී පූජා වට්ටියක්ද රැගෙන පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
එම කාන්තාව සැමියා සමඟ දේවාලයට ගොස් ඇති අතර කපුමහතා විසින් එම කාන්තාවගේ සැමියා එළියේ නවතා දේවාලයේ අභ්‍යන්තර කුටියට ආතුර කාන්තාව රැගෙන ගොස් සිරුරේ තෙල් ආලේප කිරීමට යැයි කියමින් උඩුකය නිරුවත් කොට තෙල් ආලේප කොට ඇත. අනතුරුව පැදුරක් මත නිදා ගැනීමට සලස්වා සිරුරේ අනෙක් තැන්වලද තෙල් ගෑමට සැරසී කපුවාද නිරුවත් වීම නිසා බියට පත් කාන්තාව දේවාලයෙන් එළියට පැමිණ බිංගිරිය පොලිසියට පැමිණිලි කොට ඇත.
පොලිස් නිලධාරීන් ඔහු සොයා දේවාලයට යෑමේදී සැකකාර කපුවා පලාගොස් ඇති අතර පෙරේදා (14දා) පොලිසිය වෙත භාර වී ඇත.
සැකකාර කපුවා, හෙට්ටිපොළ පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව ඉකුත් දා (14දා) හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
No comments:
Post a Comment