'මාතලන්' ඩීවීඩී ති.නා. ට අයිතිය ඔප්පු කරන්න බැරිවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

'මාතලන්' ඩීවීඩී ති.නා. ට අයිතිය ඔප්පු කරන්න බැරිවේ

"මාතලන්" චිත්‍රපටය ඩීවීඩී මඟින් බෙදා හැරීම වාරණය කරමින් පනවා තිබූ නියෝගය බස්‌නාහිර පළාත්බද මහාධිකරණ විනිසුqරු ගාමිණී අමරසේකර මහතා විසින් ඉවත් කරන ලදී.

ඊට අමතරව "මාතලන්" වෙනුවෙන්
පැමිණිලිකරු ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය ලබා නොදීමටද මහාධිකරණ විනිසුරවරයා තීරණය කළේය.
තිස්‌ස නාගොඩවිතාන චිත්‍රපට සමාගම විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ හේමප්‍රිය කණ්‌ඩම්බි මහතාට එරෙහිවය.
" මාතලන්" චිත්‍රපටයේ බුද්aධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඩිජිටල් වීඩියෝ තැටි සහ සංයුක්‌ත තැටි නිෂ්පාදනය කර අලෙවි කිරීම හා බෙදා හැරීම වළක්‌වාලන ලෙස ඉල්ලා පැමිණිල්ල ගොනු කර තිබිණි.
දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
චිත්‍රපටයේ නිෂ්පාදක වූ එස්‌. එම්. නායගම්ගෙන් හෝ ඔහුගේ නිත්‍යානුකූල උරුමකරුවන්ගෙන් පැමිණිලිකරු "මාතලන්" අයිතිය ලබා ගෙන ඇති බව සනාථ නොවන බව නඩු තීන්දුවේ සඳහන්වේ.
විත්තිකරු "මාතලන්" මිලට ගෙන ඇත්තේ එස්‌. එම්. නායගම්ගෙන් සෘජුව එය මිලට ගත් අයෙකුගෙන් බවට ලිතව අධිකරණය හමුවේ කරුණු පෙන්වා ඇතැයිද එමඟින් ඔහු එහි අයිතිය තහවුරු කර ඇතැයිද තීන්දුවේ සඳහන් වේ.
(අජිත් අලහකෝන්)

No comments:

Post a Comment

Post Bottom Ad