රෝගාතුරවී සිටින ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහල් ගාස්තු පියවීමට ආධාර පිනිස සංවිධානය කළ ඩික්සන් ජෙරාඞ්ගේ “රජ කපටියෝ” වේදිකා නාට්‍ය පසුගියදා මීගමුව පුරහලේදී වේදිකාගතවිය.
එහිදී විශේෂත්වය වූයේ රෝගාතුරවී සිටින ප්‍රින්ස් උදය ප්‍රියන්ත මෙම වේදිකා නාට්‍ය නැරැඹීම සඳහා සහභාගිවීමය. සමාජ වෙබ් අඩවි තුළින් ඔහු මියගිය බවට බොරු ප්‍රචාර සිදු කිරීම නොමිනිසුන් සිටින සමාජයක පුදුමයට කරුණක් නොවේ. ඒ සියලු දේ මුසාවක් කරමින් පසුගියදා වේදිකා නාට්‍ය නැරැඹීමට ප්‍රින්ස් පැමිණීම කාගෙත් පුදුමයට කරුණක් විය.
කේ. පියකරු, මංජුලා සංජීවනී, ඩික්සන් ජෙරාඞ්, ක්‍රිෂාන්ත වීරමන්, ටෙක්ලා ප්‍රින්සි, සෝමසිරි හේවාවිතාරණ සහ අජිත් හේමසිරි යන නළු නිළියන් රැසක් ප්‍රින්ස් වෙනුවෙන් නොමිලයේ රංගනයෙන් දායකවූහ. ‘රජ කපටියෝ ’ වේදිකා නාට්‍යයේ නිෂ්පාදක ක්‍රිෂාන්ත වීරමන් ශ්‍රමය, ධනය කැපකරමින් ප්‍රින්ස් වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකිරීම කාගේත ප්‍රශංසාවට කරුණක් විය. එදින වේදිකා නාට්‍යයෙන් මුදල් දායකත්වයක් ප්‍රින්ස් වෙනුවෙන් ලබාදීමට හැකිවූ බවත් ඉදිරියේදී තවත් වේදිකා නාට්‍ය දෙකක් තුළින් උපයන මුදල් ප්‍රින්ස් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බව ක්‍රිෂාන්ත පැවැසුවේය.
ගයාන් සූරියආරච්චි
- සාරවිට
Saturday, February 18, 2017
සමාජ වෙබ් අඩවි මියගියා කියූ ප්‍රින්ස් ‘රජකපටියෝ’ බලන්න මීගමුවට එයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment