සුනඛ දඩයක් ළගදීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

සුනඛ දඩයක් ළගදීම

සුනඛ දඩයක් ළගදීම

සුනඛයන් මහපාරේ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000ක දඩමුදලක් හා මාස 06ක සිර දඬුවමක් ලබාදීමට අදාළ නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

පොදු ස්ථානවලට සුනඛයන් ගෙනැවිත් දමන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොදු ස්ථානවල ආරක්ෂිත කැමරා සවිකිරීමටද සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සඳහා වන කැබිනට් අනුමැතිය ලබාගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයය ඉදිරිපත් කරන බවත් ඔහු පැවසීය.

අයාලේ යන සුනඛයන් රටට විශාල ප්‍රශ්නයක් බවත්,දැනට අයාලේ යන සුනඛයන් දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන සකස් කර රැක බලාගැනීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

සුනඛයන් සපා කෑම නිසා ජලභීතිකා රෝග ඇතිවීම වැනි ගැටලු රාශියක් මතුව ඇති නිසා මෙම තීරණය ගත් බවත්, මීට අමතරව ඉදිරි සියලුම කටයුතු කිරීම සඳහා උපදේශක මණ්ඩලයක් පත්කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම උපදේශක මණ්ඩලයට මේ පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad