මහ බැංකු අධිපති බැඳුම්කර කොමිසමට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

මහ බැංකු අධිපති බැඳුම්කර කොමිසමට කැඳවයි

මහ බැංකු අධිපති බැඳුම්කර කොමිසමට කැඳවයි

වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂිදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන 21 වැනි දා පෙරවරු 10ට කොළඹ 12 අධිකරණ මාවකේ පිහිටි තම කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ආචාර්ය කුමාරස්වාමී මහතාට කොමිසම පෙරේදා (16) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසම හමුවේ සිද්ධියට අදාළව සාක්ෂිය සටහන් කර ගැනීමට ආචාර්ය කුමාරස්වාමි මහතා ප්‍රථමයෙන් කැඳවීමට තීරණය කර තිබේ.

කොමිසමේ වැඩ ආරම්භ කරමින් පැවැත්වෙන සාක්ෂි විභාගයේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ආචාර්ය කුමාරස්වාමි මහතා වෙත නොතිසියක් නිකුත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad