රතන හිමි යළි බාරගන්න හෙළ උරුමය සූදානම්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

රතන හිමි යළි බාරගන්න හෙළ උරුමය සූදානම් 

රතන හිමි යළි බාරගන්න හෙළ උරුමය සූදානම් 

පූජ්‍ය අතුරලියේ රතනහිමියන් විසින් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට කළ පළමු ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේනම් යළි පක්ෂයට එකතු කර ගැනීමට සූදානම් බව ජාතික හෙළ උරුමයේ සම සභාපති, පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසයි.

එහිදී රතනහිමියන්ට පවත්නා වෙනත් ගැටළු සාකච්ඡා කොට විසඳාගත හැකි බව අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විමලසාර හිමියන් කියා සිටියේය.

කෙසේ වෙතත් මේවන විට මධ්‍යම කාරක සභාව විසින් රතනහිමියන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගත යුතු බවට තීරණය කර ඇති බවත් විමර්ශන කටයුතු සඳහා කමිටුවක් පත්කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පසුගිය මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 2ක් ජාතික හෙළ උරුමයට ලබාදෙන බවට එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුමකට එළඹුණු බවත් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අඩු බැවින් එක් මන්ත්‍රී ධූරයක් සඳහා එකඟවූ බවත් රතනහිමියන්ට පක්ෂය විසින් ලබාදෙනු ලැබුවේ එකී මන්ත්‍රී ධූරය බවත් විමලසාර හිමියන් පෙන්වා දුන්හ.

එබැවින් එම මන්ත්‍රී ධූරය අයිති වන්නේ පක්ෂයට බවත් ඒ අනුව රතනහිමියන්ට ස්වාධීනව ක්‍රියා කළ නොහැකි බවත් එසේ ක්‍රියා කරන්නේ නම් මන්ත්‍රී ධූරය නැවත පක්ෂයට ලබාදී එසේ කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වෙතත් මේ දිනවල ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම් වලදී රතනහිමියන් අනාරාධිතවම සහභාගිවී ජනාධිපතිවරයාගේ අනුකම්පාව දිනාගැනීමට උත්සාහ කරන බවත් එහෙත් එය සාර්ථක නොවනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad