අරගලයේ වෙනසක් නෑ - භික්ෂුන් 1000ක් කොළඹට කැඳවති  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

අරගලයේ වෙනසක් නෑ - භික්ෂුන් 1000ක් කොළඹට කැඳවති 

අරගලයේ වෙනසක් නෑ - භික්ෂුන් 1000ක් කොළඹට කැඳවති 

ආණ්ඩුව විසින් ගෙන යන වත්මන් දේශපාලන ක්‍රියාවලියට විරෝධය පළ කරමින් භික්ෂුන් වහන්සේ 1000 නමක් කොළඹට වැඩම කරවන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. 

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (21) අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

වත්මන් ආණ්ඩුවේ පොරොන්දු පත්‍රය ක්‍රියාත්මක කිරීමට තිබු දින 100 මේ වන විට අවසන් බවත් එය වසර 2කින් හෝ ඉටු කිරීමට ආණ්ඩුවට හැකි නොවු බවත් ආනන්ද හිමියන් මෙහිදී සඳහන් කළහ. 

එමෙන්ම තමන් සිදු කරන අරගල කුමන හේතුවකට හෝ වෙනස් නොකරන බවත් උද්ඝෝෂණ සිදු කරන්නේ නම් ඒ සඳහා තම අභිමතය අනුව ස්ථානයක් තොරා ගන්නා බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

ඒ අනුව දේශීය සම්පත් විදේශිකයින්ට විකුණමින් ආණ්ඩුව විසින් ගෙන යන මෙම වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව හා භික්ෂුන් වහන්සේ දැනුවත් කිරීම අද සිට ආරම්භ කරන බවද ආනන්ද හිමියන් පැවසූහ. 

 

No comments:

Post a Comment

Post Bottom Ad