ලොතරැයිවල අත්වැරදීමක්? වැරදිකරුවන්ට දඬුවම් දීමට පරීක්ෂණයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

ලොතරැයිවල අත්වැරදීමක්? වැරදිකරුවන්ට දඬුවම් දීමට පරීක්ෂණයක් 

ලොතරැයිවල අත්වැරදීමක්? වැරදිකරුවන්ට දඬුවම් දීමට පරීක්ෂණයක් 

ගොවිසෙත ලොතරැයියේ 1419 වැනි දිනුම් වාරය සඳහා නිකුත් කළ ටිකට්පත්වල වෙනස් මිල ගණන් සඳහන්වීම හා ඇතැම් ටිකට්පත්වල මිල සඳහන් නොවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සුනිල් ගුණවර්ධන මහතා පවසයි.

ඊට හේතුව ජනවාරි මාසයේ ලොතරැයි මිල වැඩිවීම නිසා රුපියල් 30 ක් ලෙස සඳහන් කළ ලොතරැයි මුද්‍රණය කළ පිටපත්වලින්ම පෙබරවාරි 1 වැනිදා සිට යළි රුපියල් 20 දක්වා මිල අඩුවූ ලොතරැයිපත් මුද්‍රණය කිරීම බවත් එහිදී සිදුවූ අත්වැරදීමක් මීට හේතුවන්නට ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙයි.

හදිසි ඇනවුමක් මුද්‍රණයේ දී ලොතරැයිපත් කිහිපයක් මෙසේ මුද්‍රණ දෝෂ සහිතව නිකුත්වී ඇති බවත් වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පුවත්පත් සාකච්ඡාවක දී මෙම වැරදි මුද්‍රණ පිළිබඳ හෙළිදරව් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad