කොහොමද චතුරිකා මේ දවස්වල කිසි හැල හොල්මනක් නෑ වගේ?
මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.
ඒ කියන්නේ මේ දවස්වල වැඩ නෑ?
තිබුණ ඒවා ඔක්කොම ඉවර කළා. නොවැම්බර්, දෙසැම්බර් නම් හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ කළා.
ඊට පස්සේ ආයෙමත් වැඩ පටන්ගන්නේ මාර්තු. එතකන් ව්‍යාපාර කටයුතුවලට ටිකක් වැඩි අවධානයක් දීලා තියෙනවා. මොකද පසුගිය කාලේ කාර්ය බහුලකමයි ඇතිවෙච්ච ප්‍රශ්නයි එක්ක ව්‍යාපාර කටයුතු සෑහෙන්න මග ඇරුණා.
පීරිස්ලට අපල කාලයක් ලබලා වගේ?
ඒක නම් ඇත්ත තාත්තයි, ලොකු තාත්තයි දෙන්නම ලෙඩ වුණා. ඒ නිසා අපි වගේම චරිතා අක්කලත් පහුගිය කාලේ ඒ වෙනුවෙන් සෑහෙන්න වෙහෙසුණා. තාත්තලා ලෙඩ ඇඳේ ඉන්නකොට හිත හදාගෙන වැඩක් කරන්න බෑනේ. බාර ගත්ත වැඩ කොහොමත් කරන්න වෙනවා. ඉතිරි කාලය ගෙවුණේ තාත්තා වෙනුවෙන්.
බිස්නස් වැඩි කාලේ ව්‍යාපාර කටයුතුත් මගඇරුණා නේද?
ඔව්. ඒ විතරක් නමෛයි. ගේ හදන වැඩත් ටිකක් නතර වුණා. ඔන්න දැන් තමයි අතපසුවුණ වැඩ ආයෙමත් පටන්ගත්තේ.
දැන් තාත්තාට සනීපද?
දැන් හුඟක් දුරට හොඳයි.
කරදර පිට කරදර. නංගිත් ප්‍රශ්නයක පැටලිලා නේද?
ප්‍රශ්න තිබුණත් එයා ප්‍රශ්න පස්සේ දුවන කෙනෙක් නමෛයි.
ඒත් දැන් ඒ ප්‍රශ්න ප්‍රසිද්ධ මාධ්‍යයේ කතාකරන තරමට උඩුදුවලා?
ඔව් සමහරු ඒ ප්‍රශ්නවලින් බොර දියේ මාළු බානවා.
මේ දවස්වල නංගිගෙ දුක අහන්න, හිත හදන්න අක්කා වෙහෙසෙනවා ඇති?
එයා දුක කියන කෙනෙක් නම් අහන්න ඉන්න පුළුවන්. ඒත් එයා එහෙම කෙනෙක් නමෛයි. තමන්ගේ දුක හංගාගෙන අනුන් වෙනුවෙන් හිනාවෙන කෙනෙක්. අඩුතරමේ මුලදිම තමන්ගේ අයටවත් දුක කිව්වා නම් අද එයා දුක් විඳින්නේ නෑ.
නංගිගෙ ප්‍රශ්නෙත් එක්ක ආපහු අක්කගෙ පරණ ප්‍රශ්නත් කරළියට ඇවිත්?
මම නම් එදත් ඒවයෙන් සැලුණේ නෑ. අදත් නෑ. මගේ ප්‍රශ්නවලට කාලය හොඳ විසඳුමක් දුන්නා. නංගිගෙ ප්‍රශ්නත් කාලය හෙමින් විසඳයි. එතකන් ඔය ඉවසුවා වගේ ඇයට ඉවසගන්න වෙනවා.
ප්‍රශ්න දුර දිග ගිහින් නංගි දික්කසාද වෙන්න තීරණය කළොත්?
ඒක එයාගෙ තීරණයක්. අපිට බලපෑම් කරන්න බෑනේ. මොකද පවුල් ජීවිතේ ගෙනියන්නෙ එයානේ?
ගයාන් චතුරිකා නම් දැන් සතුටින් කාලය ගතකරනවා වගේ?
ඇත්තටම. දැන් ආදරය විඳිනවා. ආදරය දැනෙනවා.
ඇත්තටම ගයාන්ගේ දරුවන්ට හැබෑවටම අම්මා කෙනෙක් වෙන්න පුළුවන්ද චතුරිකා?
මමවත් ගයාන්වත් ඒ දරුවන්ට මට අම්මා කියන්න කිව්වෙ නෑ. එයාලමයි මට සුදු අම්මා කියන්නේ. නෙත්සර පුතාට දැන් අවුරුදු 7යි. එයා අපි ළඟ ඉන්නේ. පොඩි පුතා නම් ආච්චි ළඟ ඉන්නවා. අපි පුතාව බලහත්කාරයෙන් තියාගෙන නෑ. නෙතු අපිව දාලායන්න කැමතිම නෑ. මම ගෙදර හිටියොත් මගේ පස්සෙමයි. මාකට් එකට ගියත් එයා පිටිපස්සෙන් එනවා. ගෙදර නැත්නම් ඇත්තටම මටත් පාළුයි. ඉස්කෝලෙ ගිහින් එනකන් මමත් මගබලාගෙන ඉන්නවා. සමහර දවසට නිදාගන්නෙත් මගේ ළඟ ඇත්තටම නෙතු හරිම හොඳ දරුවෙක්.
දරුවෙකුගේ වගකීමක් කියන්නේ ලේසි පහසු දෙයක් නමෛයි. ඒ වගකීම ගන්න චතුරිකාට පුළුවන්ද?
පුළුවන්. දැනටමත් මම ඒ වගකීම අරගෙන තියෙන්නේ. පහුගිය කාළේ පුතාලාගේ වියදම අපි දැරුවට එයාලා හරියට ඉස්කෝලෙ ගිහින් නෑ. ගොඩක් වැඩ අතපසුවෙලා. මම මේ දවස්වල එයාගෙ මගඇරුණ වැඩ කරගන්න උදව් කරනවා. මොනවා කළත් වැඩක් නෑ. දරුවෙකුගේ ඉගෙනීම කඩාකප්පල් වුණොත්.
පූර්ණිකාගෙ පුතා එක්ක නෙත්සර හිතවත්ද?
අපෝ ඔව්. අයියයි මල්ලියි හරි යාළුයි. හිතාගන්නත් බෑ. ඒ දෙන්නගෙ ආදරය. ආදිත්‍ය කියන්නෙත් හරි ආදරණීය හුරතල් දරුවෙක්. එයා මටයි ගයාන්ටයි හරි එකතුයි.
ගයාන් නිර්මාණවල දකින්න ඉන්නවා. ඒත් චතුරිකා පේන්න නෑ. වෙනදාට වඩා වැඩකරන්නේ අඩුවෙන්ද?
එහෙම දෙයක් නෑ. මම කරපු නිර්මාණ තවම විකාශය වුණේ නෑ. අනිත් එක මුලින්ම බලන්නෙ අධ්‍යක්ෂවරයා කවුද කියලා. ඊටපස්සේ පිටපත, ඊටත් පස්සේ වැඩකරන අය, සාධාරණ ගෙවීම් ගැනත් මම හිතනවා. හැමදෙයින්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් නම් බාරගන්නවා.
හිමේෂා සවන්තී රාජපක්ෂ
Wednesday, February 15, 2017
නංගිගෙ ප්‍රශ්න කාලය විසඳයි සමහරු මේ වෙලාවේ බොර දියේ මාළු බානවා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment