සේවක පඩි නඩිවත් හරි හැටි ගෙවා ගත නොහැකිව පැවති මාධ්‍ය ජාලයක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් උත්සවාකාරයෙන් උනා කියලා ගොසිපාට දෑනගන්න ලෑබුනා.
පහුගිය දවස් කිහිපයේ දැඩි ආන්දෝලනයක් ගෙන දෙමින් අදාළ මාධ්‍ය ජාලයට ගුවන් විදුලි වගේම රූපවාහිනි ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත කිහිපයක් පැමිණ තිබුණා.
මේ වන විට අදාල මාධ්‍ය ජාලය අලුත් වීමා හේතුව ලෙස විවිධ කතා බහවල් අති වී තිබුනත් මේ වන විට වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් අදාල මාධ්‍ය ජාලයට විශාල බැංකු ණයක් ලබාදෙමින් මෙලෙස එම සමාගම ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීමක් බවයි ආරංචි වන්නේ.
ඊට ලොකුම හේතුව එළඹෙන 2020 ජනාධිපතිවරණය බවයි අදාළ ව්‍යාපාරිකයා සමීපයේ සිටින හිතවතුන් සඳහන් කරන්නේ.
වර්තමාන ඇමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයත් සමග එය තමන්ගේ සිහිනයක් බවට පත් කර ගනිමින් අදාළ ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළග ජනාධිපතිවරයාවීමට පෙරුම් පුරමින් සිටිනා බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඊට මාධ්‍ය නාලිකාවක සහයෝගය අවශ්‍ය වන බැවින් වැටී තිබුණ අදාල මාධ්‍ය ජාලය ගොඩදමා ඉන් තමන්ගේ චරිතය සුද්ද පවිත්‍ර කර ගැනීම සහ ඔහුගේ නාමය ප්‍රවර්ධනය කර ගැනීම මොහුගේ අරමුණ වී අති බවත් වාර්තා වෙනවා.
ඊට තවත් උදාහරණයක් වශයෙන් කිව හැකි වන්නේ මෙරට ජ්‍යෝතිශවේදීන් කිහිපදෙනෙක් විසින් පසුගිය කාලයේ පවසනු ලැබුවා ධනවත් ව්‍යාපාරිකයෙකු 2020 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන බවට අනාවැකි පල කිරීම.
Friday, February 17, 2017
අපේ රටේ ට්‍රම්ප් වෙන්න හිතාගෙන ඉන්න ව්‍යාපාරිකයා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment