අන්තරේ කොළම්පුරය වටලති - වාහන තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

අන්තරේ කොළම්පුරය වටලති - වාහන තදබදයක්

අන්තරේ කොළම්පුරය වටලති - වාහන තදබදයක්

අද දහවල් 12 සිට පස්වරු 3 පමණ දක්වා ගාලු පාර / නුවර පාර / හයිලෙවල් පාර සහ මීගමුව යන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි.

අද (17) දහවල් සරසවි සිසුන් වාහන පෙළපාලි කිහිපයකින් කොළඹ නගරයට පැමිණීමට නියමිතවීම මීට හේතුවයි. 

එබැවින් එම කාල සීමාවන්වලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දන්වා සිටියි.

පස්වරු 3 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාකරුවන් රැස්වීමට නියමිත බැවින් කොටුව / ඕල්කට් මාවත / ලෝටස් පාර / මරදාන පාර සහ අලුත්කඩේ ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ තිබේ.

ඒ හේතුවෙන් මහජනතාව සහ රියදුරන් මෙම මාර්ග මගහැර ගමන් කිරීමට කටයුතු කල යුතු බව පොලිසිය පෙන්වා දෙයි.

එමෙන්ම හැකිතාක් විකල්ප මාර්ග භාවිත කර රථ වාහන තදබදය අවම කිරීමට සහය වන ලෙසට පොලීසිය ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad