18 නංගිගේ ඉදලා 80 ආච්චි සීයා දක්වා අත මිට සරු කට්ටිය ෆන් එක ගන්න යන මේ නයිට් ක්ලබ් සම්බන්ධයෙන් ඉද හිට අපූරු ආරංචි එනවා. මේ ක්ලබ් වල හැමදාම ලොකු ලොකු කතන්දර සිද්ධ වුනත් ඒවා එළියට එන්නේ කලාතුරකින්.මේ එහෙම එළියට ආපු එක ආරංචියක්.
ඉතින් අර කලින් කිව්ව වගේ හයිෆයි ෆැමිලි වල දෝණිඇන්දලා කරටි කැඩෙන්න ගහලා නටන්න පැය දෙකෙ තුනක් මදිලූ. ඉතින් එකදිගට පැය හයක් හතක් නටන්න ඕන නිසාම මේ නංගිලාට ක්ලබ් එකට ගියාම හම්බවෙනවා පෙත්තක්. මේ පෙත්තට කියන්නේ නංගිලා නටවන පෙත්ත කියලා. සෙල්ලමක්
නෙවෙයි ක්ලබ් එකක් ඇතුලෙදි මේ පෙත්තක් අලෙවි වෙන්නේ රු 4000 ඉඳලා 6000 දක්වා ගානකට. මේ පෙත්ත ගන්න නංගි කෙනෙකුට හැඩි දැඩි පිරිමි හය හත් දෙනෙක් එක්ක එක දිගට පැය 24 ක් විතර නටන්න ශක්තිය ලැබෙනවලූ.
මේ පෙත්ත ගත්තම පැය 24 ක් වගේ කාලයක් බඩගින්න එන්නේ නෑලූ. බොන්න ඕන වතුර විතරලූ. කොහොම හරි මේ ක්ලබ් බහින නංගිලාට නටන්න පුඵවන් කියන මේ පෙත්ත විකුණපු පුද්ගලයෙක් මරදානේ ටෙක්නිකල් හන්දියෙදි පොලිසියට මාට්ටු වෙලා. නිකං නෙවෙයි පෙති 20 ත් එක්ක. මේ පුද්ගලයා මීගමුවේ ඉදලා කොළඹට මේ පෙති ගෙනල්ලා කොළඹ අවට තියන නයිට් ක්ලබ් ලග ඉදන් ඒවට එන නංගිලාට බෙදපු පුද්ගලයෙක්.
වේල්ලවිදියේ පදිංචි මේ පුද්ගලයා කොටු වුනේ කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයට.
No comments:
Post a Comment