'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 

'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 

තමා විදුලි සංදේශ ඇමති වුවද, විදුලි සංදේශ නියාමන කොමිසම තමාට අයිති නොමැති බවත් ඒනිසා තමා නමට ඇමති වූ බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (16) ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“අපි අවසර ඉල්ලුවේ ගූගල් බැලූන් ‘නියමු ව්‍යාපෘතියක්‘ සඳහා. ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය අවශ්‍ය වෙනවා. මගේ අමාත්‍යාංශය අමුතු අමාත්‍යාංශයක්. මම විදුලිසංදේශ ඇමති වුණාට, විදුලිසංදේශ නියාමන කොමිසම මට අයිති නැහැ. විදුලි සංඛ්‍යාත (Spectrum) මට අදාළ වෙන්නේ නැහැ. මම නමට ඇමති වුණා කියන්නේ ඒකයි. සංඛ්‍යාත පරිහරණය කිරීම සම්බන්ධයෙන් මට අදාළත්වයක් නැහැ.“

“රාමා කියන ආයතනය තමයි ගූගල් සමාගම ලංකාවේ කටයුතු කරන්න යොදා ගත්තේ. රාමා කියන ආයතනය සමඟ ශ්‍රී ලංකා රජය කිසිදු වාණිජ ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැහැ. මේක නියමු ව්‍යාපෘතියක් නිසා සංඛ්‍යාතයක් දෙන්න ආණ්ඩුව එකඟ වෙලා නැහැ. මේක සාර්ථක වුණා නම් තමයි ගිවිසුමකට යන්න අවශ්‍ය වෙන්නේ.“

“විදුලිසංදේශ නියාමන කොමිසම, ලෝක විදුලිසංදේශ සංගමයේ සාමාජිකයෙක්. එහි සාමාජිකයෙක් වීම නිසා එහි නීතිරෙගුලාසිවලට අපි එකඟ විය යුතු වෙනවා. එහිදී මෙගා හර්ට්ස් 700 සංඛ්‍යාත නිකුත් කිරීමේ නීතිමය බාධාවක් පැන නැගිලා තියෙනවා.“

“මෙතනදී කිසිම හොර ගනුදෙනුවක් වෙලා නැහැ. ලංකාවේ කිසිදු මුදලක් මේ වෙනුවෙන් වැයවෙලා නැහැ. අපේ සංඛ්‍යාත කිටවත් අපි විකුණත් නැහැ. මේ බව කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබෙනවා. කැබිනට් අවසරය ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් තිබෙනවා. එය වෙන රටකට ලැබෙන්න ඉඩකඩ තියෙනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad