පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රජය පිලිගනී - සයිටම් ගැන වාර්තාව සති දෙකකින් සෞඛ්‍ය ඇමැතිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රජය පිලිගනී - සයිටම් ගැන වාර්තාව සති දෙකකින් සෞඛ්‍ය ඇමැතිට

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රජය පිලිගනී - සයිටම් ගැන වාර්තාව සති දෙකකින් සෞඛ්‍ය ඇමැතිට

වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගෙන තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

වෛද්‍ය පීඨ පිඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට ඔවුන් පොරොන්දු වූ බවත් මෙම ප්‍රශ්ණය විසදීම සදහා අවශ්‍ය පියවර රජය විසින් ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක පුජ්‍ය පහළගම ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ "ජිවිතයට සතුට” කෘතිය එළිදැක්වීම පෙරේදා (15) අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි. 

එම උත්සවයෙන් පසු මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය. 

“සයිටම්  ආයතනය පිළිබද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමග මම අද දහවල් විශේෂ සාකචිඡාවක් පැවැත්වූවා. එහිදී සයිටම්  ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබදව සාකච්ඡා කළ අතර, මෙම ආයතනයේ ප්‍රමිතිය පිළිබදව ද සාකච්ඡා කෙරුනා. එම කරුණු දෙක පිළිබද වෛද්‍ය පීඨ පිඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් මට ලබාදීමට ඔවුන් පොරොන්දු වුනා. මෙම ප්‍රශ්ණය විසදීම සදහා අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ලබන සිකුරාදා දහවල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගෙන තිබෙනවා. මෙරට විශ්ව විද්‍යාල සමතුන්ගෙන් සියයට 17 ක් සරසවි අධ්‍යාපන වරම් හිමිකර ගන්නවා. සියයට 83 කට සරසවි වරම් හිමිවන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් දොරගුලු විවෘත කළ යුතුයි. ඒ සදහා කුලියාපිටිය ප්‍රදේශයේ වෛද්‍ය පීඨයක් ඉදිකරන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පුළුල් කිරීමට ද කටයුතු කරනවා.” 

 

No comments:

Post a Comment

Post Bottom Ad