24 හැවිරිදි ජාත්‍යන්තර පාසල් ගුරුවරියගේ නිවසේ කේරළ ගංජා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

24 හැවිරිදි ජාත්‍යන්තර පාසල් ගුරුවරියගේ නිවසේ කේරළ ගංජා

වත්තල පිහිටි ප්‍රකට ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් කරන ගුරුවරියකගේ කඳාන ප්‍රෙද්හයේ පිහිටි නිවසකින් කේරළ ගංජා තොගයක් හා ආයුධ හමුවීමේ පුවතක් වාර්තාවේ.
සැකකාරියගේ නිවෙසින් කඩු නවයක්, කේරළ
ගංජා කිලෝවක් හමුවී ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇගේ මස්සිනා බව කියන යාබද නිවසක පිහිටි තවත් පුද්ගලයෙකුගේ නිවසි න්හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් නවසිය විස්සක්, කේරළ ගංජා ග්‍රෑම් විස්සක්, ඇපල් පෙති යනුවෙන් හඳුන්වන මත්පෙති ජාවාරමෙන් උපයා ගත් රුපියල් අසූපන් දහසක මුදලක්ද සොයා ගෙන ඇත. සැකකාරියගේ වයස අවුරුදු 24කි. මස්සිනා වන සැකකරු වයස අවුරුදු 28 කි.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පාසල් සිසුන් අතර මේවා බෙදාහැරීමටද ඔවුන් කටයුතු කර ඇති බව හෙළි විය.
කඳාන විඳ මාවතේ පදිංචි ඔවුන් මෙම ජාවාරම කලක සිටම සිදු කරගෙන යන බවට පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් අනුව එහි අණදෙන නිලධාරි ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන්ගේ නිවෙස් වටළා මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
මුලදී මේ කිසිවක් නොකරන බවටත් අවශ්‍ය නම් නිවස පරීක්ෂා කරන ලෙසත් ගුරුවරිය පවසා ඇත.
නිවෙසේ තිබූ යතුරු කැරැල්ලක් මගින් ගරාජයේ ‍ඇතුලේ රහස් කාමරයක් විවෘත කර ගැනීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂාවේදී ඒ තුළ තිබූ කේරළ ගංජා කිලෝව හා කඩු සොයා ගැනීමට සමත්වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad