බිල් ගේට්ස්ගෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

බිල් ගේට්ස්ගෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක්

ජෛව රසායනික ත්‍රස්තවාදය ඉදිරි වසර 15 ඇතුළතදී ආරම්භ වීමේ අවදානමක් ඇතැයි මයිකේ‍රාසොෆ්ට් ආයතනයේ ප්‍රධානී බිල් ගේට්ස් සඳහන් කරයි.

ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙන ආරක්ෂක සමුළුවේදී බිල් ගේට්ස් මේ බව සඳහන් කොට ඇත. ජෛව තාක්ෂණික අවි භාවිතය ත්‍රස්තවාදීන් ආරම්භ කළහොත් වසරකදී කෝටි තුනක පිරිසක් ඊට ගොදුරු විය හැකි බව ඔහු සඳහන් කරයි. එය න්‍යෂ්ටික යුද්ධයකට සහ දේශගුණික විපර්යාසවලින් සිදුවිය හැකි විනාශයකට බොහෝ සෙයින් සමාන විය හැකි බවද බිල් ගේට්ස් පෙන්වා දෙයි.

වර්තමානයේදී ලොව රාජ්‍යයන් අන්තර් ජාතික ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව යොමු කරන අවධානය ඉතා අඩුවී ඇති අතර තර්ජනය තක්සේරු කර ඇත්තේද ඉතා අඩුවෙන් බැවින් නිසියාකාරව පෙර සූදානමකින්් මේ අවදානම අඩුකර ගැනීම සඳහා සියලු දෙනා දැන් සිටම ක්‍රියා කළ යුතු බවද බිල් ගේට්ස් අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad