සයිටම් සිසු දෙමාපියන් හැටියට අපි ජනපති හමුවී දේශපාලන තීන්දුවක් ඉල්ලනවා- ගැමුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

සයිටම් සිසු දෙමාපියන් හැටියට අපි ජනපති හමුවී දේශපාලන තීන්දුවක් ඉල්ලනවා- ගැමුණු

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන හමුවී සයිටම්
සම්බන්ධ සාකච්ඡාවකට එළැඹීමට නියමිතය.
සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා (පුද්ගලික බස් සංගමයේද සභාපති) මේ ගැන දන්වා සිටින්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් සෞඛ්‍ය අමාත්‍යවරයාත් වගකීම් විරහිතව කටයුතු කරන බැවින් සයිටම්
ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යහපත උදෙසා දේශපාලනික තීන්දුවක් ගන්නා තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යහපත සඳහා අධිකරණ නියෝග පවා නිකුත් කර
තිබෙන බවත්, එහෙත් අමාත්‍යවරුන් දෙදෙනා වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතවී
තිබෙන බවත් ඔහු කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad