සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ගෙන ඇති බවට අප කල අනාවරණය කළා.
තවද අදාළ පත්වීම ලද විකට කළමණාකරුවා ‘මට ඩීජී කිව්වා ඔය වෙබ් එකට ඔයාම වැඩක් දෙන්න කියලා, මම ඔය වෙබ් එක පැයෙන් හැක් කරන බවට ද ඔහු උදම් අනා ඇත. තවමත් ඔහුගේ පැය එළඹ නොමැති සෙයියාවක් පෙනෙන්නට තිබෙන අතර අධිකාරියේ අනෙකුත් නිලධාරීන් පවසන්නේ වෙබ් හැක් කරන්නට ඔහු වැනි ප්‍රාථමික දැනුමක් තිබෙන්නෙකු අඩුම තරමින් කොම්පියුටරයකට ලොග් වෙන්නවත් මුලින්ම ඉගන ගත යුතු බවයි.
ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඉහළම තනතුරු හොබවන්නන්ගේ වැටුප් ලක්ෂ ගණනින් වැඩිකර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජය කාලයේ සිට මෙලෙස තම වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දරුවද සැලකිය යුතු කාර්යක් නොකරන බව පවසමින් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේවෙතත් වත්මන් ඇමති නිමල්සිරිපාල නොමග යවමින් ප්‍රධානීන් කිහිප දෙනකු මෙසේ සිය වැටුප් වැඩි කර ගෙන ඇති බව අප පසුගියදා අනාවරණය කළා.
යහපාලන අනුහසින් විභාග ෆේල් උනත් ගුවන් සේවා අධිකාරියට…
ඇමති නිමල්ට හිතවතුන් ගන්න ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් 04ක් හදිසියේ දොට්ට!
උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:
Post a Comment