පොලිසියේ යකා නැටූ වැලි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

පොලිසියේ යකා නැටූ වැලි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

පොලිසියේ යකා නැටූ වැලි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
අඟුරුවාතොට පොලිසියට කඩා වැදී එහි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට බැණ වදිමින් අශෝභන ලෙස හැසිරුණු වැලි ව්‍යාපාරිකයෙකු ඊයේ (05) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා පොලිසියට කඩාවැදී ඇත්තේ පසුගිය 03 වැනිදා පස්වරුවේදීය. පසුගියදා අඟුරුවාතොට ප්‍රදේශයේදී දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකට සම්බන්ධ පුද්ගලයන් පිරිසක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වැලි ව්‍යාපාරිකයාගේ පුත්‍රයන් දෙදෙනාද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිට ඇත.

ඒ අනුව පසුගිය 03 වැනිදා සවස 5.30 ට පමණ වැලි ව්‍යාපාරිකයා පොලිසියට කඩා වැදී එහි සිරමැදිරියේ සිටි තම දරුවන් දෙදෙනාට ඉතාම පහත් ආකාරයට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කර තිබේ. තමන් කුඩා කල සිට දරුවන් ලොකු මහත් කළේ මේ ආකාරයට පොලිස්‌ කූඩුවල ලගින්නට නොවන බව කියමින් ව්‍යාපාරිකයා දරුවන් දෙදෙනාට බැණ වදිමින් පොලිස්‌ ස්‌ථානය තුළ අශෝභන ලෙස හැසිරුණු බව වාර්තා වේ.

එහිදී පොලිස්‌ නිලධාරීන් මැදිහත් වී මෙම වැලි ව්‍යාපාරිකයා පොලිසියෙන් පිටත් කර යවා ඇති අතර එම අවස්‌ථාවේදී මොහු පොලිස්‌ නිලධාරීන්ට ද බැණ වැදී ඇත. පසුව මේ සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වූ පොලිසිය අදාළ පුද්ගලයා ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස්‌ රාජකාරියට බාධාවන අන්දමින් අශෝභන ලෙස හැසිරීමේ චෝදනාව මතය.

No comments:

Post a Comment

Post Bottom Ad