රිය අනතුරකින් මියගිය තම සැමියාගේ මළ සිරුර තමාට භාරදෙන ලෙස ඉල්ලමින් විවාහක බිරියන් තිදෙනෙක් නීත්‍යනුකූල කසාද සහතිකද අතැතිව ඊයේ (15දා) ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියහ.
දරුවන්ට අගතියක් නොවන අයුරින් මරණකරුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කර අද දින (16දා) අධිකරණයේ පෙනී සිටින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අදාළ පාර්ශ්වයන්ට ඊයේ (15දා) නියම කෙළේය.
යක්කල - කිරිඳිවැල මාර්ගයේ කිලෝමීටර් එකේ කණුව අසලදී ඉකුත් 13 වැනිදා අලුයම මරණකරු වූ වාකිරිගල ගෙදර සරත් බණ්ඩාර නමැති 44 හැවිරිදි අය පදවාගෙන ගිය යතුරුපැදිය පාරෙන් ඉවතට පැන මාර්ගය අසල වූ කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම මියගොස් තිබේ.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (14දා) ගම්පහ මහ රෝහලේදී පැවැත්වීමෙන් අනතුරුව මළසිරුර භාර ගැනීමට බිරියන් තිදෙනකු ඉදිරිපත් වීම හේතුවෙන් ගම්පහ පොලිසිය මෙසේ ඊයේ (15දා) අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මරණකරුගේ මළ සිරුර ගම්පහ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මරණකරු රඹුක්කන, කොටුවැල්ල ප්‍රදේශයේ කාන්තාවක් 1996 වර්ෂයේදීද, දැරණියගල, මහවතැන්න, උඩගලවත්ත සහ ගම්පහ මල්වතුහිරිපිටිය, අඹගස්පිටිය යන ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනකු 2005 වර්ෂයේදීද නීත්‍යනුකූලව විවාහ කරගෙන ඇති බවත් එක් බිරියකට දරුවන් දෙදෙනා බැගින් බිරියන් තිදෙනාට දරුවන් 6 දෙනකු සිටින බවද එම පවුල් තුනටම හොඳින් සලකා ඇති බවටත් අධිකරණයේදී සඳහන් විය.
අඹගස්පිටියේ පදිංචි දෙවැනි වරට විවාහ වූ කාන්තාව අධිකරණයේදී වූ අවසාන ඉල්ලීම වූයේ වසර 10ක් පවුල් කෑ තම සැමියාගේ මළ සිරුර පැයක කාලයකට හෝ තම නිවෙසේ තබා ගැනීමට අවසර ලබාදෙන ලෙසය. ඒ සම්බන්ධව මහෙස්ත්‍රාත් නියෝගය අද (16දා) ලබාදීමට නියමිතය.
මිනුවන්ගොඩ _ අතුකෝරල /ගම්පහ-කේ. ඒ. සිසර කුමාර/එන්. ජය ශ්‍රී
Wednesday, November 16, 2016
රිය අනතුරකින් මියගිය සැමියාගේ සිරුර ගන්න බිරියන් 3ක් විවාහ සහතික අරන් උසාවි ඇවිත්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment