රාත්‍රී සමාජ ශාලාවේ ගැටුම ගැන හිමිකරුවන් කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

රාත්‍රී සමාජ ශාලාවේ ගැටුම ගැන හිමිකරුවන් කතා කරයි (VIDEO)

රාත්‍රී සමාජ ශාලාවේ ගැටුම ගැන හිමිකරුවන් කතා කරයි (VIDEO)

ටවුන්හෝල් හි පිහිටි “ක්ලික්” සමාජ ශාලාවේ පෙරේදා (08) අලුයම 2කට පමණ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අදාල සමාජ ශාලාවේ කළමනාකාරිත්වය විසින් එම සිදුවීම අලලා අසත්‍ය පුවත් වාර්තා කරමින් පටු දේශපාලන වාසි නොගන්නයි ඉල්ලීමක් කරමින් මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර තිබේ.

එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධිය වූ දිනයේදී පිරිසක් පැමිණ සමාජ ශාලාවට ඇතුල් වීමට උත්සහ කළත් එම කාලය තුළ ඇතිවූ කාර්යබහුලතාවය මත ඔවුන්ව ඇතුල්කිරීමට ප්‍රමාද වූ නිසා එහිදී යම් සිදුවීමක් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුනද පසුව එම සිදුවීම් සියල්ල පසෙකලා ඔවුන් සියලුදෙනා සමාජ ශාලාව තුළට ඇතුල්වී යම් කාලයක් රැඳී සිට ඉන් පිටව ගිය බවත්ය.

ඉන්පසුව පැමිණි පිරිසක් විසින් මෙම පහර දීම සිදුකර ඇති අතර අදාල ගැටුමෙන් සමාජ ශාලාවේ සේවය කරන පුද්ගලයන් තිදෙනෙක් ඉන් තුවාල ලබා ඇති බවත් සහ සමාජ ශාලාවේ ඉදිරිපස විශාල ප්‍රමාණයේ වීදුරු දෙකක් සහ පැති වීදුරුවකට අදාල පහර දීමෙන් හානි සිදුවී තිබෙන බවත් එම සමාජ ශාලාවේ කළමනාකාරිත්වය සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාලව ප්‍රභූ පුතෙක් සහභාගි වී ඇති බව සඳහන් කරමින් විවිධ මාධ්‍ය සහ විවිධ පුද්ගලයන් විසින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී යන හෙයින් එම අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙසටද ඔවුන් ඉල්ලීමක් කොට ඇත.

මේ අතර මෙම සිදුවීමට අදාල බව හඟවමින් වීඩියෝවක් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබෙන අතර එය මෙම සිද්ධියට අදාල යැයි බව ප්‍රකාශ කරමින් විවිධ වෙබ් අඩවි කිහිපයක් විසින් සංවිධානාත්මක ලෙස අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනු ලබන බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම වීඩියෝ පටයේ වම්පසින් දක්වා ඇති දින සටහන් අනුව ඉතා පැහැදිලිවම 2010 වසරේ සිදුවී තිබෙන සිදුවීමක් බව මැනවින් පැහැදිලිව දැක්වේ.

කෙසේ වෙතත් මෙම රාත්‍රි සමාජ ශාලාවට පෙරේදා අලුයම ප්‍රභූ පුද්ගලයකුගේ පුත්‍රයකුගේ ආරක්‌ෂක නිලධාරීන් යැයි කියන පිරිසක්‌ කළ පහරදීමකින් සමාජ ශාලාවේ පෞද්ගලික ආරක්‌ෂක නිලධාරියකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

No comments:

Post a Comment

Post Bottom Ad