'ලංකාවේ ජාති, ආගම් භේද නෑ' - මල්වතු මහ නා හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

'ලංකාවේ ජාති, ආගම් භේද නෑ' - මල්වතු මහ නා හිමි

'ලංකාවේ ජාති, ආගම් භේද නෑ' - මල්වතු මහ නා හිමි

ශ්‍රී ලංකාව තුළ ජාති, ආගම් භේද නොමැති බව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කොට අැත්තේ මෙරට සංචාරයක නිරතව සිටින ස්විස්ටර්ලන්ත කථානායකවරිය උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන් එහිදී කථානායකවරියට පෙන්වාදී ඇත්තේ වත්මන් රජය රට තුළ සංහිඳියාව ඇති කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය, සී.වී. විග්නේෂ්වරන් මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබඳවද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ස්විස්ටර්ලන්ත කථානායකවරිය දැනුවත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad