ජනපති අද ආසියා සහයෝගීතා සමුළුව අමතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

ජනපති අද ආසියා සහයෝගීතා සමුළුව අමතයි

ජනපති අද ආසියා සහයෝගීතා සමුළුව අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම සමුළුව අමතමින් ජනාධිපතිවරයා විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම දේශනය මගින් ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

රටවල් 34ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුවේදී ආසියානු කලාපයේ ඵලදායිතාවය වැඩිකර ගනිමින් වැඩිම තරඟකාරීත්වයක් ඇති කලාපයක් බවට ආසියාව පත් කර ගන්නේ කෙසේ ද යන්න පිළිබද එහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad