ඇමති දෙපලගේ ආධාරකරුවන්ගෙන් පුටු ප්‍රහාරයක් - එජාප රැස්වීම අත්හිටුවයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

ඇමති දෙපලගේ ආධාරකරුවන්ගෙන් පුටු ප්‍රහාරයක් - එජාප රැස්වීම අත්හිටුවයි (VIDEO)

ඇමති දෙපලගේ ආධාරකරුවන්ගෙන් පුටු ප්‍රහාරයක් - එජාප රැස්වීම අත්හිටුවයි (VIDEO)

ඊයේ (09) පස්වරුවේ ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුරදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයින්, සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට උපහාර පිදීම සඳහා ආනමඩුව - සුදම්පාය ශාලාවේ සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුරයි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වන අතර ඔහු පැමිණීමත් සමඟ උත්සවයට පැමිණ සිටි පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිවී තිබේ.

උත්සවය ආරම්භ වීමට පෙර සිටම කිසියම් පිරිසකගෙන් ඊට බාධා එල්ල වී ඇති අතර අවසානයේ එය ගැටුමක් බවට පත්වී ඇත.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් මෙම සිද්ධියට මුල්වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ගැටුම හේතුවෙන් අදාළ උත්සවය අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad