දුම්රියෙන් වැටී චීන ජාතික තරුණිය මරුට - සෙල්ෆි ගන්න ගියාදැයි සැකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

දුම්රියෙන් වැටී චීන ජාතික තරුණිය මරුට - සෙල්ෆි ගන්න ගියාදැයි සැකයක්

දුම්රියෙන් වැටී චීන ජාතික තරුණිය මරුට - සෙල්ෆි ගන්න ගියාදැයි සැකයක්

චීන ජාතික තරුණියක් ඊයේ (09) පෙරවරුවේ අම්බලන්ගොඩ, මාදම්පාගම දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටදී මාතර සිට කොළඹ බලා යන දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබේ. 

මෙසේ මියගොස් ඇත්තේ යසිචින් නැමැති 25 හැවිරිදි අවිවාහක චීන ජාතික කාන්තාවකි. ඥාති පවුල් කීපයක පිරිසක් නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මියගිය කාන්තාව හිතවත් යෙහෙළියක් සමඟ දුම්රියෙන් ගාල්ලේ සිට කොළඹ බලා යමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ. 

සිය යෙහෙළිය සමඟ තමා කොළඹ යෑමට ඊයේ (09) උදෑසන ගාල්ලෙන් දුම්රියට ගොඩ වූ බවත් යෙහෙළිය පා පුවරුව අසලට යද්දී පය ලිස්සා දුම්රියෙන් ඇද වැටුණු බවත් චීන ජාතික සියංගි සහාන් මෙනෙවිය (25) අම්බලන්ගොඩ පොලිසියට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මාදම්පාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති කේ. සංජීව මහතා පැවසූයේ පාපුවරුවේ පැමිණි ඇය වේදිකාවේ ගැටීමෙන් දුම්රිය මාර්ගයට ඇද වැටුණු බවයි. 

මියගිය තරුණියගේ දේහය මේ වනවිට බලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. චීන තරුණිය දුම්රියෙන් ඇද වැටුණු මාදම්පාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී ඇගේ ජංගම දුරකථනය ද සොයා ගෙන තිබේ. 

ඒ අනුව, මියගිය චීන ජාතික තරුණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට ලක් වන්නට ඇති බවට සැක පළ කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad