නාමල් FCIDයෙන් වන්දි ඉල්ලා නඩු පවරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

නාමල් FCIDයෙන් වන්දි ඉල්ලා නඩු පවරයි

නාමල් FCIDයෙන් වන්දි ඉල්ලා නඩු පවරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරයි.

නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ අතුල ද සිල්වා මහතා මගින් එම නඩුව කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ බව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා සදහන් කළේය. 

රග්බි ක්‍රිඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් 2016 ජුලි මස 11 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. 

එලෙස නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව කොළඹ දිසා අධිකරණය හමුවේ අද(10) ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 07 ස්ථානාධිපති අනුර ප්‍රේමරත්න මහතාගෙන් සහ උප පොලිස් පරික්ෂක ලලිත් ශාන්ත මහතාගෙන් නාමල් රාජපක්ෂ මහතාට සිදු වූ අපකීර්තිය සහ මානසික පීඩාව සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad