ප්‍රදේශ රැසක උග්‍ර ජල ගැටළුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

ප්‍රදේශ රැසක උග්‍ර ජල ගැටළුවක්

ප්‍රදේශ රැසක උග්‍ර ජල ගැටළුවක්

මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ආණ්ඩුව, ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම වැසි රහිත කාලගුණය තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් පන්ලක්ෂ 19,527 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද පානීය ජල අර්බුදයක් පවතින බව වාර්තා වේ.

මේ වනවිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජල සම්පාදන මණ්ඩලය එක්ව එම ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකරයි. 

ඇතැම් ස්ථානවලින් ජලය ලබා ගැනීමේදී ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් ද ගැටළු පවතින බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්,  වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජලය බෙදා හැරීමේ කටයුතු සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ  සාමාන්‍යාධිකාරී ජී.ඒ. කුමාරරත්න මහතා කියාසිටී.

මේ අතර, වියළි කාලගුණයත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ද ජල මට්ටම්  පහළ ගොස් තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම සඳහා ගල් අගුරු සහ තාප බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

මේ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව ද ඔහු කියා සිටියේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇති පරිදි මෙම වැසි රහිත කාලගුණ තත්ත්වය තවත් සති කිහිපයක් පැවතිය හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad