අත්අඩංගුවට ගත්තාට විරුද්ධව FCID ට නාමල් නඩු දායි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

අත්අඩංගුවට ගත්තාට විරුද්ධව FCID ට නාමල් නඩු දායි


පසුගියදා ක්‍රිස් සමාගමට කොන්ත්‍රාත්තුවක්
ලබාදෙන්නට අල්ලස්  මුදලක් ලබාගත් බවට සැකපිට

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය කරුණු වරදවා සිදු කළ බවටත් රග්බි ක්‍රිඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීම වරදක් ලෙස හුවා දැක්වීම පොලිසිය කළ වඑරදක් බවත් දක්වමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා අද (10) කොළඹ දිසා අධිකරයේ නාමල් රාජපක්සගේ නීතීඥයින්  නඩු පවරා තිබේ.

මේ සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ  2016 ජුලි මස 11 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි. මෙම අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව කොළඹ දිසා අධිකරණය හමුවේ අද ගොනු කළ පැමිණිල්ලේ දැක්වෙයි.
ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 07 ස්ථානාධිපති අනුර ප්‍රේමරත්න මහතාගෙන් සහ උප පොලිස් පරික්ෂක ලලිත් ශාන්ත මහතාගෙන් නාමල් රාජපක්ෂ මහතාට සිදු වූ අපකීර්තිය සහ මානසික පීඩාව සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad