තාජුඩීන්ගේ කියා රහස් පොලිසීය ඇවිත් ගෙනිච්චේ ස්ටඩි කරන්න ගෙනාපුවා -SAITM - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

තාජුඩීන්ගේ කියා රහස් පොලිසීය ඇවිත් ගෙනිච්චේ ස්ටඩි කරන්න ගෙනාපුවා -SAITM


ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ අතුරුදන්වූ අස්ථි කොටස් මාළඹේ සයිටම් ආයතනයේ සඟවා තිබේය යන සැකයෙන් එහි පැමිණි රහස් පොලිස් නිලධාරීන් පසුගියදා එහි ගබඩා කර තිබුණ  අස්ථි රැගෙන ගිය අතර ඒවා ඩීඑන්ඒ පරීක්ෂාවට යොමු කරන බව දන්වා තිබුණා.

මේ අතර මාළඹේ සයිටම් වෛද්‍ය විදයාලය අද නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ගෙන ආ අස්ථි කොටස් එහි තිබුණ බවත් ඒවා ඉල්ලුම් කළේ තාජුඩීන්ගේ මරණයට පෙර බවත්ය.  අධ්‍යාපනික අරමුණු සඳහා ළඟ තබා ගත් ඒවා  රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීරයේ කොටස් විය නොහැකි බවද දන්වා ඇත.
මිනිස් අස්ථි කොටස් ලබාදීමෙන් පසු ඒවායේ හිමිකරුවන් සම්බන්ධ නාම ලේඛනයක්ද ඇති බවත් එහි වසීම් තාජුඩීන්ගේ නම නැති බවත් ඔවුන් පවසා ඇත.
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා අතිශය වැදගත්වූ මෙම අස්ථි කොටස් අතුරුදන් කිරීමේ වගකීම ඇති යයි පැවසෙන මහින්ද පාලන සමයේ ඝාතනය සිදුවූ කාලයේ පරීක්ෂණ සිදු කරන ලද වත්මන් සයිටම් ආයතනයේ උප කුලපති අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර
මේ වනවිට නිවාඩු ලබා ආයතනයෙන් ඉවත්ව ඇතැයි ද වාර්තා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad