මහනුවරින් අභිරහස් උමගක් හමුවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

මහනුවරින් අභිරහස් උමගක් හමුවෙයි (PHOTOS)

මහනුවරින් අභිරහස් උමගක් හමුවෙයි (PHOTOS)

මහනුවර - බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්‍රදේශයේදී අඩි 30ක් පමණ ගැඹුරැති අභිරහස් උමගක් එහි ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.

කන්දහන්දිය, කැප්පෙටියාව ගම්මානයේ ජල පහසුකම් නොමැති නිවාස සඳහා ජලය ලබාදීමට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කාණු කපමින් සිටියදී මෙම උමං මාර්ගය මතුවූ බව ප්‍රදේශවාදීන් කියයි.

මෙම උමං මාර්ගය හමුවූ ස්ථානය ජල සබඳතාව ලබාදීමට නියමිත ස්ථානයක් වන බැවින් අලවංගුවකින් හාරන විට සිය අලවංගුව ගැඹුරට ගිය බවත් තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී අඩි 30ක් පමණ ගැඹුරැති උමං මාර්ගයක් දුටු බවත් එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප්‍රදේශවාසියෙකු වන ඩී.එම්. හේරත් බණ්ඩා මහතා පැවසීය.

තමන් මෙන්ම ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුම මෙම උමගට බැස බැලූ බවත් එහි ගැඹුරට ගිය විට හරස් අතට ගමන් කළ හැකි මාර්ග 02ක් තිබු බවත් එහි කිසිදු අපහසුවකින් තොරව අඩි 16ක පමණ දුර ගමන් කිරීමට හැකිවූ බවත් ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

අප වාර්තාකරු පැවසුවේ දැඩි අඳුර, අධික රශ්මිය හා හුස්ම ගැනීමට ඇති අපහසුතාවය හේතුවෙන් ගම්වාසීන් එහි වැඩිදුර නොගොස් ඇති බවයි. 

මහනුවර රාජධානී සමයේ හඟුරන්කෙත දක්වා රහසිගත උමං මාර්ග තිබුණු බවත් මෙයද එවැන්නක් වියහැකි බවත් ප්‍රදේශවාසීන් පවසයි.

සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශයේ නිලධාරීන් ද ස්ථානීය පරීක්ෂාවක් සඳහා ඊයේ (10) එම ස්ථානයට පැමිණ තිබේ.

මෙම ප්‍රදේශය පසුකාලීනව ජනාකීර්ණ වූ ගම්මානයක් වන අතර මෙම උමං මාර්ගය ස්වාභාවිකව නිර්මාණය වූවක් ද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී පර්යේෂණයක් ද සිදුකිරීමට නියමිතය.

ඡායාරූප පහතින්.



කමල් සුරවීර - මහනුවර 

No comments:

Post a Comment

Post Bottom Ad