ජනපති යළි දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

තායිලන්තයේ සිව්දින නිල සංචාරයක නිරත වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (10) රත්‍රී 11.00ට පමණ ඔවුන් දිවයිනට ළඟා වූ  බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 07 වන දින දිවයිනෙන් පිටව ගියේය.

රටවල් 34ක සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ විශේෂ දේශනක් ද සිදුකළේය.

විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යයන් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මෙම සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශික සාකච්ඡා පවත්වනු ලැබීය.

ආසියානු සහයෝගීතා සංවාඳ සමුළුවට සහභාගීවීම සඳහා තායිලන්තයට පැමිණ සිටි රාජ්‍ය නායකයින් රැසක් සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad