ඇඹිලිපිටිය සුමිත්ගේ බිරියට තාමත් කරදර - උදව්වට අගමැති මැදිහත්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

ඇඹිලිපිටිය සුමිත්ගේ බිරියට තාමත් කරදර - උදව්වට අගමැති මැදිහත්වේ


පසුගිය ජනවාරි මාසයේ රට තුළ ආන්දෝලනයක් ඇති කරමින් මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය වන ශෂිකා නිශාමනී මුණසිංහ තමාට ආරක්ෂාව ලබාදෙන ලෙසට

කර තිබෙන ඉල්ලීමට සහයෝගය දක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
 නගරයේ ගොඩනැඟිල්ලක පැවැති සාදයකදී පොලිසිය හා සාදයට පැමිණ සිටි පිරිසක් අතර වූ ආරවුලකදී මියගිය

සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටි සහකාර පොලිස් අධිකාරිවරයා මේ වන විට අධිකරණයෙන් නිදහස්ව යළි සේවයේ යොදවා ඇත. මෙම ඝාතනයට අදාළ සෙසු සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඇයට මේ දිනවල යම් යම් පිරිස් වෙතින් බලපෑම් ඇතිවේයයි බියක් මතුව ඇත.
 මුණසිංහ මහත්මිය විසින් ඉකුත් සැප්තැම්බර් 19 වැනි දින අග්‍රාමාත්‍යවරයා වෙත  ඒ ගැන ලිපියක් යැවූ පසු අදාළ නියෝගය අගමැතිවරයා සිදු කර ඇත.
තමාගේ මෙන්ම තම දියණියන් දෙදෙනාගේ ජීවිතවලට තර්ජන එල්ලවන බවට සැකයක් පවතින බවත් ජංගම වෙළෙන්දියන්, ආබාධිත පුද්ගලයන්, ත්‍රිරෝද රියැදුරන් වැනි විවිධ වේශයෙන් පැමිණෙන අය තමා සිටින ස්ථානය

ගැන අවට වැසියන්ගෙන් තොරතුරු විමසා තිබීම සැකයට තුඩු දෙන්නක් බවත් නිෂාමනී මුණසිංහ මහත්මිය එහි දක්වා ඇත.ෙ

ඇඹිලිපිටිය - රූපසේන පත්තුව

No comments:

Post a Comment

Post Bottom Ad