බුද්ධ ධර්මය සර් හයේ පන්තියේ දරුවන් අපයෝජනය කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

බුද්ධ ධර්මය සර් හයේ පන්තියේ දරුවන් අපයෝජනය කරලා


බළන්ගොඩ විද්‍යාලයක හය වසර පන්තියේ සිසුන් හතර දෙනකුට අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මෙන්ම බුද්ධ ධර්මය උගන්වන ආචාර්යවරයාට විරුද්ධව අපයෝජනයට
ලක්වූ බව කියන සිසුන්ගේ මවුපියන් විසින් බළන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයට පැමිණිල්ලක් කොට තිබේ.


අධ්‍යාපන කලාප කාර්යාලයට මේ පිළිබඳ ඉකුත් 7 වැනිදා දැනුම් දුන්නද කාර්යාලයේ නිලධාරීන් ඊයේ (10දා) දින වන විටත් නිසි පියවර නොගැනීම හේතුවෙන් විද්‍යාලයේ මවුපියෝ විශාල පිරිසක් ඊයේ (10දා) කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්ගහවෙල ප්‍රදේශය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළහ. උද්ඝෝෂණයට සහභාගි වූවන් කියා සිටියේ වහාම සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගතයුතු බවත් වහාම ඔහු වෙනත් පාසලකට මාරු කළ යුතු බවත්ය.

මේ උද්ඝෝෂණය සැල වූ වහාම එම ස්ථානයට ගිය බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරි ඩී.ජේ. ඇතුලත්මුදලි, බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් කියා සිටියේ සැකකාර ගුරුවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව විරෝධතාකරුවෝ උද්ඝෝෂණය නතර කර පිටව ගියහ.

ඊයේ සවස සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගත් බව බළන්ගොඩ පොලිසිය පැවැසීය. මේ විදුහලේ තවත් සිසුන් මේ ආකාරයට අපයෝජනයට ලක්ව ඇද්ද යන්න ගැන පොලිසිය අදාළ පාසලට ගොස් පරීක්ෂණ අරඹා තිබේ. ඊට සුළු වේලාවකට පසුව බළන්ගොඩ අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ද පැමිණ මවුපියන්ට කියා සිටියේ සැකකාර ගුරුවරයා පිළිබඳව නීතිමය කටයුතු කරන බවයි.
ගුරු දිනයට සමගාමීව එම විද්‍යාලයේ පසුගිය (6දා) දින පැවැති විවිධ ප්‍රසංගයට මේ සිසුන්ද සහභාගි වී තිබේ. විවිධ ප්‍රසංගය අවසන් වීමෙන් පසුව ඇඳුම් මාරු කර ගැනීම සඳහා විදුහලේ කාමරයකට ගිය අවස්ථාවේදී මේ අපයෝජනය සිදු කර ඇතැයි සිසුන් විසින් මවුපියන්ට දන්වා තිබේ.

කල්තොට - එස්. වීරවංශ

No comments:

Post a Comment

Post Bottom Ad