උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 18දා සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 18දා සිට

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 18දා සිට

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයත් ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 18 වන දා සිට නොවැම්බර් 07 වන දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ 18 වනදා ආරම්භ වන අතර, ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 21 වන දා ආරම්භ වනු ඇත.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ නොවැම්බර් 05 වන දා ආරම්භ වන බවයි.

උසස් පෙළ විභාග අපේක්ෂකයන් 51,773 දෙනෙකු අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගිවීමට නියමිතය.

ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳ 1911, 0112784208, 0112784537, 0113188350, 0113140314 යන දුරකථන අංකවලින් විමසීම් කළ හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad