උතුරේ නැවත පදිංචිවූ පවුල් රැසක ගෘහ මූලිකයා කාන්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

උතුරේ නැවත පදිංචිවූ පවුල් රැසක ගෘහ මූලිකයා කාන්තාවක්

උතුරේ නැවත පදිංචිවූ පවුල් රැසක ගෘහ මූලිකයා කාන්තාවක්

යුද්ධයෙන් පසුව ගෙවී ගිය වසර 07ක කාලය තුල උතුරේ නැවත පදිංචි වූ පවුල් 54,332ක සැමියා මියයාම හේතුවෙන් කාන්තා ගෘහමූලිකත්වයක් ඇති බව යාපනය කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

අදාළ පවුල්හි සැමියා මියයාම හේතුවෙන් වැඩි පවුල් ප්‍රමාණයකම ගෘහමූලිකයා වන කාන්තාව බොහෝ දුෂ්කරතාවන් රැසකට මුහුණ පාන බව එම මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි.

එම සමීක්ෂණයට අනුව වැඩිම කාන්තා ගෘහමූලිකත්වයක් ඇති පවුල් ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ වන අතර එය සංඛ්‍යාවෙන් 29378කි.

අනතුරුව මන්නාරමේ පවුල් 6888ක් ද මුලතිව්හි පවුල් 6294ක් ද කිලිනොච්චියේ පවුල් 6170ක් ද වව්නියාවේ පවුල් 5802ක් ද වෙයි.

කෙසේවෙතත් අදාළ මධ්‍යස්ථනය විසින් පෙන්වා දෙන්නේ මෙම වැන්දඹු පවුල්හි දරු දැරියන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු, දෙමව්පියන් රැකබලා ගැනීම මෙන්ම පවුලේ ආර්ථිකය වෙනුවෙන් සෑම දිනකම වෙහෙසීම හේතුවෙන් එම කාන්තාවන් ගැටළු රැසකට මුහුණ දෙන බවයි.

පවුලේ ආර්ථිකය නඟා සිටුවීමට කාන්තාව පෙළඹෙන විට ඇය විසින් ඉටුකළ යුතු අනෙක්තු දෑ පිළිබඳව සෙවීමට කාලයක් නොමැති බවද එම සංවර්ධන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මේ හේතුන් නිසා උතුරේ සිටින මෙම වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් කුමන හෝ ස්ථිර රැකියා අවස්ථාවක්හෝ ස්වයං රැකියා ව්‍යාපෘතියක් හෝ හඳුන්වාදී ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට බලාධාරීන්ගේ අවධානය යොමුවිය යුතු යැයි මෙම සංවර්ධන මධ්‍යස්ථානය වැඩිදුරටත් කියාසිටී.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad