ලෝක ගුරු දින සැමරුමේදී සිසුන් ගුරුවරුන්ගේ ගමන් මලුවලට විදලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

ලෝක ගුරු දින සැමරුමේදී සිසුන් ගුරුවරුන්ගේ ගමන් මලුවලට විදලා



පසුගිය ලෝක ගුරුදිනය යෙදුණ 6 වනදා තෙල්දෙණිය ජාතික පාසලේ තාක්ෂණවේදී ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි ගුරුවරුන්ගේ ගමන් මලු වලට සිසුන් පිරිසක් විද එහිතිබූ මුදල් ඇතුළු වටිනා දෑ සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

මේ ප්‍රායෝගික වැඩමුළුව

අතරතුරදී ගුරුවරුන් තේ පානය සඳහා පිටවී ගිය අවස්ථාවේ එතැනට ආ බව කියන සිසු පිරිසක් සැක කටයුතු ලෙස හැසිරී ඇති අතර පසුව වාර්තාවී ඇත්තේ ඔවුන් ගුරුවරුන්ගේ ගමන් මලුවල තිබූ මුදල්වලින් ටික ටික සොරාගෙන ඇති බවකි.එක් ගුරුවරුන් දෙදෙනෙකුගෙන් මුදල් රුපියල් 9,000ක් සොරකම් කර තිබෙන අතර ඇතැමුන්ගෙන් රුපියල් 100-150 වැනි ප්‍රමාණ සොරා ගෙන ඇති බවත් වැඩමුළුව සඳහා ගුරුවරුන් 10ක් සහභාගි වූ බවත් වාර්තා වෙයි.

සොරාගෙන ඇති මුළු මුදල රුපියල් 12,000ක් පමණය.මධ්‍යම පළාතේ තෙල්දෙණිය, හසලක, මඩවල මදීනා සහ වලල මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල්වලින් සිසුන් 100ක් පමණ මෙම වැඩමුළුවට එක්වී ඇත.

තොරතුරු -අජන්තා කහවතුගොඩ

No comments:

Post a Comment

Post Bottom Ad