තාජුඩීන්ගේ අස්ථි කොටස් සයිටම් එකේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

තාජුඩීන්ගේ අස්ථි කොටස් සයිටම් එකේ නෑ

තාජුඩීන්ගේ අස්ථි කොටස් සයිටම් එකේ නෑ

තමන් සතුව තිබූ මිනිස් අස්ථි කොටස් අධ්‍යාපනික අරමුණු සඳහා ළඟ තබා ගත් ඒවා බවත් ඒවා අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීරයේ කොටස් තිබූ බවට සඳහනක් නොමැති බවත් මාලබේ සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මිනිස් අස්ථි කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ඉල්ලුම් කළේ තාජුඩීන්ගේ මරණය පෙර බවද එම නිවේදනයේ දැක්වේ.

මිනිස් අස්ථි කොටස් ලබාදීමෙන් පසු ඒවායේ හිමිකරුවන් සම්බන්ධ නාම ලේඛනයේ වසීම් තාජුඩීන්ගේ නම නොතිබූ බවද සයිටම් ආයතනය පවසයි.

එම අස්ථි කොටස් වෛද්‍ය ඉගැන්වීම් සඳහා තම ආයතයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ බවත් අදාළ සියලු බලධරයින්ගේ අධ්‍යයනයෙන් ඔවුන්ගේ සහතිකයෙන් ලිපි ලේඛන සහිතව ඒවා ලබාගන්නා ක්‍රියාවලිය යටතේ ලබාගත් බවත් එම නිවේදනයේ දැක්වේ.

මේ අතර වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය පවත්වන පර්යේෂණ සඳහා සහාය ලබාදීම වෙනුවෙන් සයිටම් ආයතනයේ උප කුලපති ආනන්ද සමරසේකර නිවාඩු ලබා ආයතනයෙන් ඉවත්ව ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad