ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක්? - ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ නෑ   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක්? - ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ නෑ  

ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක්? - ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ නෑ  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේදී රැස්වීමක් පැවැත්වුවද එම රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ බෙදීම පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පක්ෂයේ සාමාජිකත්වය දරමින් පක්ෂයේ නොවන රැස්වීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත්, එහෙත් ඒ කිසිවෙකුටත් විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම පෙන්වීම සඳහා රත්නපුරයේ රැස්වීම පැවැත්වුවද එම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන චරිත කිසිවෙකුත් සහභාගි නොවූ බවද ඔහු පැවසී ය.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ රංජිත් සොයිසා සහ ජානක වක්කුඹුර වැනි අයට මෙම රැස්වීමේදී නිසි තැනක් ලබානොදුන් බවත්, මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් විනය පරීක්ෂණ සිදුනොකිරීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad