පේරාදෙණිය වළේ බිත්තර ප්‍රහාරයක් - නාට්‍ය උළෙල අවලංගුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

පේරාදෙණිය වළේ බිත්තර ප්‍රහාරයක් - නාට්‍ය උළෙල අවලංගුයි

පේරාදෙණිය වළේ බිත්තර ප්‍රහාරයක් - නාට්‍ය උළෙල අවලංගුයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ පැවැත්වීමට නියමිතව තිබූ නාට්‍ය උළෙල අවලංගු කළ බව එහි කලා මණ්ඩලය පවසයි.

පසුගිය 09 වැනිදා සිට 15 වැනිදා දක්වා පුරා සතියක කාලයක් පැවැත්වීමට නියමිතව තිබූ නාට්‍ය සියල්ල ඒ අනුව අවලංගු කර ඇති අතර ඊට හේතු වූයේ ආරම්භක දර්ශනය වු මනමේ නාට්‍යයට එල්ලවු බිත්තර ප්‍රහාරයක් බව වාර්තා වේ.

එම විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ශාම් කුමාර බන්නැහක මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා සියලු පීඨාධිපතිවරුන්ගෙන් සමන්විත අනුශාසක මණ්ඩලයේ තීරණයක් මත ඉදිරි නාට්‍යය දර්ශන සියල්ල අවලංගු කිරීමට පියවර ගත් බවයි.

මෑත කාලයේ එදිරවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ පැවැත්වූ නාට්‍ය සඳහා බාධා එල්ලවූ තෙවැනි අවස්ථාව මෙය බවත් බන්නැහික මහතා පැවසීය.

සිසුන් මේ පිළිබඳව කිසියම් එකඟතාවකට පැමිණ සුබවාදී ප්‍රතිචාරයක් නොදක්වන තාක් කල් ඉදිරියට එළිමහන් රංග පීඨයේ කිසිදු කලා කටයුත්තක් සිදු නොකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad