ඇමතිවරු අතර විශාල ගැටුමක් - ඉදිරියේදී විශාල විපර්යාසයක් (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

ඇමතිවරු අතර විශාල ගැටුමක් - ඉදිරියේදී විශාල විපර්යාසයක් (VIDEO) 

ඇමතිවරු අතර විශාල ගැටුමක් - ඉදිරියේදී විශාල විපර්යාසයක් (VIDEO) 

වර්තමානය වනවිට මැති ඇමතිවරු අතර විශාල ගැටුමක් නිර්මාණය වී ඇති බවත් ඒ නිසාවෙන් ඉදිරි කාලයේ දී විශාල විපර්යාසයක් දැක බලා ගැනීමට හැකි වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (10) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව බියවී ඇති බවත් ඒ වෙනුවට ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙසේද සඳහන් කළේය.

“එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අත්සන් කළහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මරණ වරෙන්තුව අත්සන් කළා කියලා හිතා ගත්තට කමක් නෑ. අද වෙනකොට වී ගොවිතැන බලවත් අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමා පොහොර සහනාධාරය කප්පාදු කිරීම. මේ තත්ත්වය යටතේ කුලියාපිටිය, ආරච්චිකට්ටුව හා අම්බලන්ගොඩ සමුපකාරවල ඡන්ද ආණ්ඩුවට පහරක් වෙලා. ඒ නිසා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව බයවෙලා. ඒ වෙනුවට ආණ්ඩුව දැන් ජනමත විචාරණයක් තියන්න ලෑස්ති වෙනවා.“

එම වීඩියෝව පහතින් නරඹන්න 

 

No comments:

Post a Comment

Post Bottom Ad